ගල්කිස්ස වෙරළ තීරය ගැන මෑතක වැඩි වශයෙන් කතාබහක් ඇතිවුනේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෘතීමව වැලි පිරවීමෙන් වෙරළ තීරය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමත් සමගයි. කඩිමුඩියේ පටන්ගෙන අවසන් කළ ඒ ව්‍යාපෘතියෙ සාර්ථකත්වයට අදාලව නොයෙක් මතිමතාන්තර සහ කතාබහ අද වෙනකොට සමාජයෙ ඇතිවෙල තියනව.
අද ගල්කිස්ස වෙරළ තීරයට කෘතීමව වැලි පුරවන තැනට තීරණ ගත්තත් මීට දශක හය හතකට ඒහා අතීතයේ ගල්කිස්ස වෙරළ මහා පරිමාණයෙන් මුහුදු වැලි ලබාගන්නා ස්ථානයක් බවට පත්වෙලා තිබුණා කියල කිව්වොත් ඔබ සමහර විට පුදුම වේවි. ඒත් ඇත්තෙන්ම එහෙම කටයුත්තක් අතීතයේ ගල්කිස්සෙදි සිදුවෙලා තියනව.
මුහුදු වැලි කියන්නෙ හොද පිරවුම් ද්‍රව්‍යයක්. මෑත කාලයේ කොළඹ දකුණු වරාය ඉදිකිරීමෙදි වගේම මේ දිනවල ගාලු මුවදොර අභියස සකස් කරණ කෘතීම වෙරළ ඉදිකිරීම සදහාත් පිරවුම් ද්‍රව්‍යක් විදියට යොදාගැනෙන්නෙ මුහුදු වැලි යි. ඉතින් අද වගේම අතීතයෙත් මුහුදු වැලි වල මේ ප්‍රයෝජනය මේ විදියටම අරගෙන තියනව.
මුහුදු වැලි කියන්නෙ හොද පිරවුම් ද්‍රව්‍යයක්. මෑත කාලයේ කොළඹ දකුණු වරාය ඉදිකිරීමෙදි වගේම මේ දිනවල ගාලු මුවදොර අභියස සකස් කරණ කෘතීම වෙරළ ඉදිකිරීම සදහාත් පිරවුම් ද්‍රව්‍යක් විදියට යොදාගැනෙන්නෙ මුහුදු වැලි යි. ඉතින් අද වගේම අතීතයෙත් මුහුදු වැලි වල මේ ප්‍රයෝජනය මේ විදියටම අරගෙන තියනව.
විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග පද්ධතිය සහ ගොඩනැගිලි ඉදිකිරීම් වලදි භූමියේ විශාල වශයෙන් පිරවීම් සිදුකරන්න මුහුදු වැලි උපයෝගී කරගෙන තියනව. මේ වෙනුවෙන් මුහුදු වැලි රැගෙන යන විශේෂ දුම්රියන් "Sand Special " නමින් අතීතයේ ගල්කිස්ස දුම්රිය ස්ථානයේ ඉදන් ධාවනය කරල තියනව.
මේ දුම්රියට වැලි පටවලා තියෙන්නේ ගල්කිස්ස දුම්රිය ස්ථානයට යාබද
මුහුදු වෙරළේ තිබුණු Sand Siding නමින් හදුන්වපු railway siding (රේල්වේ සයිඩින්) එකකින් එහෙමත් නැත්නම් දුම්රිය පැති මාර්ගයකින්. දුම්රිය පැති මාර්ගයක් (railway siding) කියල කියන්නේ සාමාන්‍යයෙන් දුම්රිය ගමන් කරන මාර්ගයකට සම්බන්ධ වෙන විදියට ඊට යාබදවම වගේ විවිධ ද්‍රව්‍ය පැටවීමට සහ බෑමට උපයෝගි කරගන්න රිය පෙට්ටි වැගන් වගේ දේවල් නවත්වන්න හදල තියන දුම්රිය මාර්ගයකට. මෙවැනි සයිඩින් නැත්නම් පැති මාර්ග විශාල ප්‍රමාණයක් අතීතයේ රට පුරා දුම්රිය මාර්ග පද්ධතියේ විවිධ තැන් වල තිබිල තියනව.
ඉතින් ඒ විදියට මුහුදු වැලි පටවන්න හදපු සයිඩිමක් ගල්කිස්ස දුම්රිය ස්ථානයට යාබද වෙරළේ තිබිල තියනව. ඒ සයිඩිම මුලින්ම ඉදිකළේ කොයි කාලයේ ද කියල තොරතුරක් හොයාගන්න නැහැ. ඒ වගේම එය ඉවත් කළේ කොයි කාලයේ ද කියලත් තොරතුරක් නැහැ..අඩුම තරමින් ගල්කිස්ස අවට අද පදිංචිවෙලා ඉන්න අයවත් ගල්කිස්සේ එහෙම තැනක් තිබුණද නැද්ද කියලවත් දන්නෙ නැහැ..! කොහොම නමුත් දුම්රියට අදාල පැරණි ඡායාරූප විශ්ලේෂණය කරද්දි සහ පරණ පොත පත පෙරළලා බලද්දී එහෙම තැනක් තිබිලා තියනවා කියල තොරතුරු හමුවෙනවා.
1910 අවුරුද්දෙ ලංකාවේ දුම්රිය ගැන මුලින්ම පොතක් ලියපු Henry . W. Cave ඔහුගේ පොතේ (the Ceylon Governemt Railway) මුහුදුබඩ දුම්රිය මාර්ගය කියන කොටසේ ගල්කිස්ස දුම්රිය ස්ථානය ගැන සදහන් කරල තියනව. දුම්රිය වේදිකා 03ක් සමග මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එවකට ධාවනය වුනු දුම්රිය වල ගමනාන්තයක් නැත්නම් හැරවුම් ස්ථානයක් විදියට ගල්කිස්ස දුම්රිය ස්ථානය භාවිතා වුනා කියල කේව් කියනව. 1930 වසරෙදි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු Railway Operating Instructions පොතෙත් ගල්කිස්ස දුම්රිය ස්ථානයේ වේදිකා 03ක් ගැන සදහන් වෙනව. නමුත් පැරණි ඡායාරූප බලනකොට මේ වේදිකා මාර්ග 03ට අමතරව තවත් එක් දුම්රිය මාර්ගයක් ගල්කිස්ස දුම්රිය ස්ථානයට එපිටින් වෙරළ පැත්තෙන් තිබුණ බව දැකගන්න පුලුවන්.
මොකක් ද ඒ මාර්ගය...?
පහතින් තියෙන්නේ 1930 වර්ෂයේ දි නිකුත් කරපු විශේෂ දුම්රිය නිවේදනයක්. මෙහි සඳහන් වෙනවා ගල්කිස්ස දුම්රිය ස්ථානයේ Sand Siding කියල තැනකින් ධාවනය වුනු Sand Special දුම්රියක් ගැන. මේ දුම්රිය ගමන් කරල තියෙන්නෙ ගල්කිස්සෙ ඉදන් රත්මලානට. මේ කාල වකවානුව (1930) රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සිදුකෙරීගන ගිය කාලය යි. ඒ් අනුව ඒ ඉදිකිරීම් වලදි විවිධ කටයුතු වෙනුවෙනුත් මේ මුහුදු වැලි යොදාගන්න ඇති කියල අපට අනුමාන කරන්න පුලුවන්.
1930 නිකුත් කළ විශේෂ දුම්රිය නිවේදනයක් |
1913 වර්ෂයට පෙර කාලයක අරගෙන තියන මේ ඡායාරූපයේ ගල්කිස්ස පැරණි දුම්රිය ස්ථානයත් ඊට යාබදව මුහුදු වෙරළේ තියන සෑන්ඩ් සයිඩින් ඒකත් මනාව දැකගන්න පුලුවන්. ඒ් වගේම සෑන්ඩ් සයිඩින් ඒකට ප්‍රවේශය ගල්කිස්ස දුම්රිය ස්ථානයේ රත්මලාන අන්තයේ පැත්තෙන් තිබුණ ආකාරයක් තමයි මේකෙන් නිරීක්ෂණය වෙන්නෙ.
ගල්කිස්ස පැරණි දුම්රිය ස්ථානය (වමේ) සහ සෑන්ඩ් සයිඩිම (දකුණේ) |
දුම්රිය වර්ණාලෝක සංඥා ක්‍රියාත්මක කෙරුණු 1950-60 දශකවල මුහුදුබඩ මාර්ගය වෙත වර්ණාලෝක සංඥා හදුන්වා දුන් අවධියෙත් මේ සෑන්ඩ් සයිඩිමේ ඉදන් දුම්රිය පිටත් කිරීම සදහා භාවිතා වුණු වර්ණාලෝක සංඥාවක් (colour light signal) පිළිබඳව අතීත ලේඛණ වල සදහන් වෙනවා. නමුත් වර්තමානයේ එම සංඥාව දැකගන්න නැහැ.
පැරණි ඡායාරූප වලින් නිරූපනය වෙන විදියට මේ සෑන්ඩ් සයිඩිම කියන තැන පිහිටලා
තිබිල තියෙන්නේ වර්තමානයේ ගල්කිස්ස දුම්රිය ස්ථානයේ 4 වන වේදිකාවත් මුහුදු
වෙරළත් අතරෙ කියල පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුලුවන්. වර්තමානයේ මේ සෑන්ඩ්
සයිඩිම කියන තැන ගල්කිස්ස මහ හෝටලයට සහ ඊට යාබදව රත්මලාන පැත්තට වෙන්න
තියන කුඩා හෝටල් / රෙස්ටුරනට් කීපයක් විසින් අත්පත් කරගෙන තියනව.
(පසු සටහන - 2014-17 කාලයේ දී මා ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සේවය කළ කාලයේ දී මේ සෑන්ඩ් සයිඩිම ගැන විවිධ අවස්ථාවල ගල්කිස්ස අවට පදිංචි පැරණි ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙකුගෙන් විමසා සිටියත් ඔවුන් කිසිවෙකුත් එවැනි දෙයක් ගැන දැනගෙන හෝ අසා තිබුණේ නැත. ඔවුන් බොහෝ දෙනෙක් 1970 න් පසු කාලයේ ගල්කිස්සේ පදිංචියට පැමිණි අය වූහ. නමුත් 2006 හෝ ඒ ආසන්න කාලයේ දී ගල්කිස්ස හෝටලය අසල රත්මලාන අන්තයේ වෙරළෙහි ඇති බූබා රෙස්ටොරට් ආයතනය ඉදිකිරීම සදහා බැකෝ යන්ත්‍රයකින් බිම හාරන විට පැරණි රේල් පීලි සහ ලී සිල්පරකොට විශාල ප්‍රමාණයක් වත්මන් දුම්රිය ස්ථානයෙන් එපිට මුහුදු වෙරළ සීමාවේ තිබී ගලවා ඉවත් කරන ලද බව ගල්කිස්ස දුම්රිය ස්ථානයේ එම කාල වකවානුවේ සේවය කළ සේවකයන්ගෙන් දැනගන්නට ලැබුණි)