Lazaretto (ලසරටෝ) ...ඉස්සර අපේ දුම්රියේ අක්‍රිය හෝ දෝෂ තත්වයන්ට පත්වූ දුම්රිය උපාංග තාවකාලිකව ස්ථානගතකර තබන තැනක් තිබුණා. මේ තැන හැදින්වුනේ Lazaretto Siding යනුවෙන්. මේ තැන එක්රැස් කෙරෙන අබලි දේවල් ඉඳහිට දුම්රියක් ලෙස සකස් කර රත්මලාන දුම්රියවැඩපල වෙත ගෙනගොස් තිබෙනවා. එලෙස දුම්රියේ වැඩකට ඇති නැති මෙන්ම අලුත් පරණ හැම කුණු කන්දල් ගොඩක්ම පටවාගෙන යන දුම්රිය "ලසරටුව" නමින් හැඳින්වුවා. ලසරටුව බ්ලොග් පිටුවත් දුම්රියේ හැම කුණු කන්දලයක්ම පැටවෙන තැනක්..කෝච්චි වල කුණු කන්දල් හොයන්න ගොඩවදින්න ලසරටුවට..
Friday, January 10, 2020
ස්කොට්ලන්තයෙන් ගෙන ආ G2 ෂන්ටින් එන්ජිම
1950 දශකය වනවිට අපේ දුම්රිය සේවය එතෙක් භාවිතා කරමින් තිබූ වාෂ්පබල දුම්රිය එන්ජින් වලට අමතරව ඩීසල් දුම්රිය එන්ජින් ගැන ද වැඩි උනන්දුවක් දක්වමින් සිට තිබෙනවා. ඒ යුගයේ දුම්රියට යහමින් ආදායම් ලබාදුන් බඩු ප්‍රවාහන දුම්රිය වල මෙහෙයුම් කටයුතු පහසු කර ගැනීම සඳහා වාෂ්ප බල දුම්රිය එන්ජින් භාවිතය අඩුකර ඩීසල් දුම්රිය එන්ජින් භාවිතය වැඩිකිරීම වැදගත් වුනා. කොළඹ බඩු ගබඩා අංගණ, කොළඹ වරාය සහ එවකට කොලොන්නාවේ තිබූ පෞද්ගලික තෙල් සමාගම් සතු අංගණ ආදිය අතර විශාල වශයෙන් දුම්රිය මගින් භාණ්ඩ සහ තෙල් වැගන් මේ යුගයේ ප්‍රවාහනය කෙරී තිබෙනවා. මේ කටයුතු කාර්යක්ෂමව සිදුකරගන්න 1951 වර්ෂයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් වල North British Locomotives කියන සමාගම ලවා නිෂ්පාදනය කරනු ලැබූ ඩීසල් ඉලෙක්ට්‍රික් වර්ගයේ ෂන්ටින් දුම්රිය එන්ජින් 08 ක් ලංකා දුම්රිය සේවය වෙත ආනයනය කළා.
දිගින් අඩි 38ක් පමණ සහ බරින් ටොන් 54ක් විතර වන මේ දුම්රිය එන්ජින් සැලසුම් කරල ගෙන්වුවේ භාණ්ඩ ප්‍රවාහනයට සහ ෂන්ටින් කටයුතු වලටමයි. අශ්වබල 600ක පැක්ස්මන් වර්ගයේ එන්ජිමක් මේ තුළ සවිකරල තිබුණත් අපේ රටේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස එහි ශක්තිය අශ්වබල 325කට සීමා කරල තිබුණ. ඒ වගේම ධාවන වේගයත් පැයට සැතපුම් 20කට සීමා කරල තිබුණ. Paxman 12 RPHXL වර්ගයේ ඒන්ජිම ජෙනරල් ඉලෙක්ට්‍රික් වර්ගයේ විද්‍යුත් ජනකයක් හා සම්බන්ධ කරල ඒයින් නිපදවෙන විදුලියෙන් තමයි මේ දුම්රිය එන්ජිම ධාවනය වුනේ. එන්ජිමේ එක කෙලවරකට වෙන්න රියදුරැ කුටිය සකස් කරල තිබුණ. නමුත් ඒ් සැකසුමේ යම් අවාසියක් තිබිල තියනව. ඒ් තමයි දුම්රිය ඒන්ජිමේ ලෝන්ග් හුඩ් පැත්තේ දර්ශන පථයෙ සෑහෙන කොටසක් ඒන්ජිමේ ම බඳට ආවරණය වීම නිසා රියදුරාට නොපෙනීම. මේ හේතුව නිසා දුම්රිය ඒන්ජිම භාවිතයට ගත්ත මුල්ම කාලයේ අවස්ථා කිහිපයකදිම මේ දුම්රිය ඒන්ජිම වෙනත් ඒන්ජින් සහ වැගන් වල ගැටුනු බවට වාර්තා තියනව.
මේ දුම්රිය ඒන්ජින් ඇණිය අංක 531,532,533,534,535,536,537,538 කියන ඒන්ජින් 08කින් යුක්තව තිබිල තියනව. මේ අතරින් අංක 533 දුම්රිය ඒනජිම ඉතිහාසයේ යම් කාලසීමාවක කොළඹ වරාය සඳහා බදු පදනමින් ලබා දීල තියනව. ඒ් වගේම තවත් ඒක් දුම්රිය ඒනජිමක් තලෛමන්නාරම දුම්රිය ස්ථානයේ බඩු වැගන් ෂන්ටින් කිරීම සඳහා යොදවල තියනව. ඉතිරි දුම්රිය ඒන්ජින් 06 කොළඹ අවට අංගණ වල තමයි භාවිතා වෙලා තියෙන්නෙ.
1980 දශකය වෙද්දි මේ වර්ගයේ දුම්රිය එන්ජින් ෂන්ටින් කටයුතු වලින් සහ බඩු ප්‍රවාහනයෙන් ක්‍රමිකව ඉවත්වෙලා තියනව. 1990 දශකයේ මුල අංක G2 අංක 536 දුම්රිය එන්ජිම සීමිත කාලයක් රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවෙ ඇතුළත ෂන්ටින් කටයුතු වලට යොදාගෙන තිබෙනව. මේ වර්ගයේම අංක 535 දුම්රිය එන්ජිම වර්තමානයෙදි බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ පැත්තක ප්‍රදර්ශනය කරමින් තියනවා.
G2 දුම්රිය එන්ජිමෙහි තාක්ෂණික විස්තර බිඳක්....
locomotive length 37ft 9inches
wheel base 17ft
bogie wheel base 8ft
loco weight 54 tons
Top Speed 20 mph
Engine - 600bhp 12cly Paxman RPHXL
Transmission type Diesel Electric
Main Generator GEC WT820
Auxilary Generator GEC WT 760
Subscribe to:
Post Comments (Atom)
කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ගල්කිස්සේ වැලි සයිඩිම - Sand Siding, Mount Lavinia
ගල්කිස්ස වෙරළ තීරය ගැන මෑතක වැඩි වශයෙන් කතාබහක් ඇතිවුනේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෘතීමව වැලි පිරවීමෙන් වෙරළ තීරය පුළුල් කිරීමේ ව්...
-
1923 වර්ෂයේ දී කොළඹ වරාය සංවර්ධනය සහ දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය ඉලක්ක කරගනිමින් කොළඹ නගරයෙන් උතුරු ප්‍රදේශයේ ඔරුගොඩවත්ත සිට කොළඹ වරාය දක්වා ...
-
පිටකොටුවේ ඕල්කට් මාවත නමින් අද හදුන්වන පාර මීට අවුරුදු සීයකට කලින් හැදින්වුනේ නොරිස් පාර කියලයි. මරදානෙ ඉදන් කොළඹ වරායට ගිය දුම්රිය මාර්ග...
මේ එන්ජිම පස්සේ කාලෙක රී එන්ජින් කරා නේද? එංගලන්තේ මේ එන්ජින් ආකෘතිය (හැබැයි රෝද සැකැස්ම වෙනස්)බෙහෙවින් ජනප්‍රිය වෙලා තියනවා ඒ දවස් වල. පස්සේ හයි කැබ් නැත්තම් ටරට් කැබ් ඒවා ආවම තමා මේක නැති වෙලා තියන්නේ ෂන්ටින් වලට.
ReplyDeleteදෙමටගොඩ ධාවනාගාරය ගාව රේල් කාර් එකත් එක්ක තියෙන්නෙත් මේ ජාතියේ එන්ජිමක් ද?
ReplyDelete